+44(0) 1234 567 890 info@domainname.com

Thursday, December 26, 2013

නදීෂා නෙවෙයි ජුලියා රොබර්ට්ස් දැම්මත් දිනන්නේ මමයි- ගීතා

නදීෂා හේමමාලි නෙවෙයි සුපිරි හොලිවු නිළි ජුලියා රොබර්ට්ස් ගෙනත් දැම්මත් තමන් දිනන බව දකුණු පලාත් සභාවේ මහ ඇමති ධූරය සඳහා තරඟවැදීමට නියමිත ගීතා කුමාරසිංහ පවසනවා.

පෙරේදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් තමන්ට විරුද්ධව ආරම්භ කල උපවාසය ගැනද සඳහන් කල ඇය පවසා සිටියේ කුණුහරප තමන් ඉගෙන ගත්තේ දේශපාලඥයන්ගෙන්ම බවයි.

එමෙන්ම තමා අසහ්‍ය චිත්‍රපටයක රඟපෑ දර්ශන 

එක් අයෙකු ලඟ තිබෙන බව පැවසීමෙන් මහත් කම්පනයට පත් වූ බවද පවසා සිටියා.

"අනර්කලී ආකර්ෂා මංත්‍රීතුමිය කාලයක් ඉන්නවා. එතුමියගෙන් කාටවත් කරදරයක් නෑ. එතුමියට ප්‍රතිපාදන ලැබුණා නම් එතුමිය ඒවා වියදම් කළේ ගාල්ලේ ජනතාවටයි.

නදීෂා ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. එතකොට අඩුවෙන්නේ ඒ පක්ෂයේ ජන්ද. අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කොහොමත් අපේ පාක්ෂිකයින් නදීෂා හේමමාලි නෙවෙයි ජුලියා රොබර්ට් ගෙනත් දැම්මත් ජන්දේ දෙන්නේ අපිට.

බෙන්තර ඇල්පිටිය හැම බිම් අඟලකටම මම ඇවිදගන යනවා, කාරෙකින් ගිහිල්ලා ඇවිදගන යන්නේ. මම ඒ පලාත අඳුරගත්තා. පලාතේ තියන ප්‍රශ්න අඳුරගත්තා. පලාතේ භූගෝලීය පිහිටීම දන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා මේ මිනිස්සු මගෙන් ඉල්ලන දේවල් මම කොහොමද දෙන්නේ කියලා.

හුඟාක් අර කුණුහරප කියන ඒවා මේ ගොල්ලන්ගෙන්ම තමයි මම ඉගන ගත්තේ. චිත්‍රපට ලෝකයේ අපේ කට්ටිය ඒවා කවදාවත් කතා කළේ නෑ. දේශපාලඥ්යෝ නිතරම කුණුහරප කියනවා, කෑගහනවා. ඉස්සර මුල් දවස් වල මම බය වුණා. පස්සේ ටික ටික මමත් ඒව ඉගනගත්තා.

උපවාසේ දවසේ ඒගොල්ලෝ කෑම කෑවා. එක්කනෙක් ෆෝන් එකකින් වීඩියෝ කරපු එකක් තියනවා බිතර පාං ගෙනල්ලා කාලා මෙට්‍රස් දාගන නිදාගන ඉන්නවා. මම නම් මාරාන්තික උපවාසයක් කළොත් ඇත්තටම මැරෙනකල්ම කරනවා.

මම දෙබස් කව කව ඉද්දී එක්තරා නළුවෙක් මට කිව්වා ඉතාම රහසක් කියන්න තියනවා මම දැක්කා ඔයාගේ නරක චිත්‍රපටයක් තියනවා කියලා. මට ඒ වෙලේ ඉඳන් වැඩ කරගන්න බැරි වුණා. මම එයාට වැඳ වැටුණා අනේ මට ඒක පෙන්නන්න කියලා කිව්වා.

ඒයා ඒක පෙන්නන්නම් කිව්වා හැබැයි කවුරුත් ගෙදර නැති වෙලාවක අරන් එන්නම් කියලා. පෙන්නද්දී වෙන අනං මනං තියන ජරා එකක්. එතනදී යම් කිසි ප්‍රශ්නෙකට මම මූන පෑවා."
No comments

බැංකු පුතා ලේලිය සමග එක්ව අම්මාව පිළිකන්නට දාලා


නැන්දම්මා නිවසේ පිළිකන්නට දමා කන්න බොන්න නොදී පහර දෙමින් වද හිංසා කල ලේලියක පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිද්ධියක් ඊයේ වාර්තා වුණා.

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. ලීලාවතී නමැති 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාව කාලයක සිටම මේ ආකාරයට හිරිහැරයන්ට ලක්වන බව අසල්වාසීන් දැන සිටි අතර ‘‘මාව මරන්න එපා මට ගහන්න එපා.“ යයි වෙන කවරදාවත් නැති විදිහට ඊයේ උදේ ඇයට පහරදෙනු ඇසී ඒ ගැන පොලිසියට දැනුම්දීමට ඔවුන් ක්‍රියාකර තිබුණා.

ඒ අනුව පොලිසිය එම දෙමහල් නිවස වටළා පරීක්ෂා කිරීමේදී නිවසේ කාමර ගණනාවක් තිබුණත් නැන්දම්මා ඒ කිසිවක නොසිටි අයුරුත් 
නිවසේ පිළිකන්නට වෙන්නට බ්ලොක්ගල් වලින් තාවකාලිකව හැදූ මඩුවක තැබූ ඇඳක ඇය කුසගින්නේ වැතිර සිටි අයුරුත් දැකගන්නට ලැබී තිඛෙනවා.

අධික ලෙස බඩගින්නේ සිටි ඇයට පොලිසිය මැදිහත්වී ආහාර ලබාදුන් අතර ඇයට වදහිංසා පැමිණවූ ලේලිය අත්අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළා. වයෝවෘද්ධ මවගේ පුතණුවන් විශ්‍රාමික බැංකු නිලධාරියෙකු වූ අතර දෙමහල් සුඛෝපභෝගී නිවසේ ඔහුත් බිරියත් දරු දෙදෙනාත් ජීවත්ව සිට ඇත.
සැමියාගේ මව රුස්සන්නේ නැතිවූ බැවින් ඇයව පැත්තකට තල්ලූකරන්නට ලේලිය ක්‍රියාකර ඇත්තේ දිගු කලකට පෙරයි.

ශාරීරිකව දුර්වල ඇයට ඇවිදින්නටද අපහසුය.ඇය වැස්සට අව්වට පීඩා විඳිමින් මේ මඩුවේ කල්ගත කර තිබුණ අතර නිසි වේලාවට ආහාර පානද ලබාදී නැත. බඩගින්නට කෑගසන අවස්ථාවල අසල්වාසී කාරුණිකයින් තාප්පය උඩින් හොරෙන් කෑම ලබාදී ඇති අවස්ථාද වාර්තාවී තිබුණා. පොලිසිය නිවස වටළන අවස්ථාවේදී ඇය සිටි මඩුවේ ඇයට ජලය ලබාදී තිබුණ ප්ලාස්ටික් බෝතල් හමුව තිබුණා.
ඒවා සෙවල බැඳී අපිරිසිඳු ආකාරයට තිබුණ හැටි දැක පොලිස් නිලධාරීන් විස්මයට පත්වූයේ සතෙකුටවත් මේ ආකාරයට සලකන්නේ නැති බව කතාබහ කරමිනි. වයෝවෘද්ධ මව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී කියා ඇත්තේ මීට දින කිහිපයකට පෙර ඇයට ලේලිය ගඩොල් බාගයකින් පහරදුන් බවකි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ලේලිය 52 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇයව අද කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
මෙම වැටලීම සිදුකරන්නට පොලිසිය ඉදිරිපත්වූ අවස්ථාවේ අසල්වාසීන් විශාල පිරිසක්ද මේ නිවස අසලට පැමිණ සිටි අතර ඔවුන් සියල්ල පොලිසියට සිය ස්තූතිය පළකර තිබුණා.

දෙමාපියන්ට නොසලකන පුතුන් ලේලියන් ගැන අද කාලයේ විවිධ කතා අසන්නට ලැඛෙනවා. මේ සිද්ධිය අන්අයට දැනගන්නට ලැබුනේ පොලිසිය මැදිහත්වීම නිසාය.
No comments